
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙන්නප්පූව ජාත්‍යන්තර පාසලක සිසුවියන් දෙදෙනකුගේ පානීය ජල බෝතල්වලට කිසියම් පෙති වර්ගයක් එක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එම ජලය පානය කළ බව කියන 08 වසරේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනකු මාරවිල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
මෙම දැරියන් තිදෙනා පාසලේ උදෑසන රැස්වීමට ගොස් නැවත පන්ති කාමරය වෙත පැමිණ එක් දැරිකගේ පානීය ජල බෝතලය ගත් අවස්ථාවේදී, එම බෝතලය තුළ ජලය සමග පෙත්තක් සහ පෙන තිබෙන බවට දැක, එම බෝතලෙන් ජලය පානය නොකර අනෙක් දැරියකගේ ජල බෝතයෙන් දැරියන් තිදෙනාම ජලය පානය කර ඇතැයි පොලිසියේ සිදුකළ විමර්ශනවලදී අනාවරණයය වී තිබේ.
ජලය පානය කිකිරීමේදී දැනුණු තිත්ත ගතිය හේතුන් දැරියන් විසින් වතුර බෝතලය පරීක්ෂා කර ඇති අතර, එම බෝතලේ ද පෙති තුනක් ඇති බවට දැක දැරියන් විසින් මේ සම්බන්ධව පාසලේ විෂය භාර ගුරුවරිය දැනුවත් කර ඇතැයි පොලිසිය කියයි.
පසුව විදුහල්පති විසින් දැරියන් තිදෙනා වෙන්නප්පුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව වෛද්‍යවරුන්ට දැරියන්ට කිසිදු ගැටළුවක් නොමැති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නැවත ඔවුන්ව පාසල වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart