
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් පක්ෂයේ නායක රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කෘතියක් රචනා කර තිබේ.
පාස්කු සමූල ඝාතනය හෙවත් ‘ඊස්ටර් පඩුකොලෙයි’ ලෙසින් නම්කර ඇති මෙම ග්‍රන්ථය පෙරේදා (23දා) මඩකළපුව කාංචනා මණ්ඩපයේදී එළිදක්වනු ලැබිණි.
මෙම උත්සවයට සීමිත පිරිසකට පමණක් ආරාධනා කරනු ලැබ තිබිණි.
2019 වසරේ මාර්තු 21 වැනිදා සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිදරව් කෙරෙනු ඇතැයි එම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී එහි ආරාධිතයෝ පැවැසූහ.
කෙසේවෙතත් මීට මාස කිහිපයකට පෙර ඔහුගේ පක්ෂයේම පෞද්ගලික ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ අසාත් මවුලානා නමැත්තා මෙම පාස්කු ප්‍රහාරය පිටුපස සිවනේසතුරෙයි චන්ද්රකාන්තන්ද සිටින බවට චෝදනා කළේය.
ඔහු මෙම චෝදනාව එල්ල කරනු ලැබුවේ විදෙස් රටක සිටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart