
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයිනේ උසම කඳු මුදුන වන පිදුරුතලාගල සංචාරකයන් සඳහා යළි විවෘත කිරීමට කටයුතු කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පවසා ඇත.
පිදුරුතලාගල කඳු මුදුන ඉහළ අධ්‍යාපනික සහ සංචාරක වටිනාකමක් ඇති ප්‍රදේශයක් බවත්, එය තවදුරටත් ජනතාවට තහනම් ප්‍රදේශයක් ලෙස පවත්වාගෙන යෑම නුසුදුසු බවත් ඔහු පෙන්වාදී ඇත.
“දෙස් විදෙස් සංචාරකයන් නුවරඑළිය සංචාරක කලාපවල සිට හිරු උදාව නැරඹීමට ප්‍රිය කරනවා. ඒ සඳහා ද අවස්ථාවක් ලබාදිය යුතුයි. ඒ සඳහා සුදුසු ක්‍රමවේදයන් යටතේ සංචාරක ආකර්ෂණය ඉහළ මට්ටමක පවතින ස්ථාන මහජනතාවට විවෘත කිරීම කාලීන අවශ්‍යතාවයක්” යැයි ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart