
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු චීන මුහුදේ මතභේදාත්මක ප්‍රදේශයකට ධීවර යාත්‍රා ඇතුළුවීම වැළැක්වීම සඳහා චීනය “පාවෙන බාධකයක්” සවිකර ඇති බවට පිලිපීනය චෝදනා කරයි.
පිලිපීනයේ වෙරළාරක්ෂක බලකාය පවසන්නේ, මීටර් 300 (අඩි 1,000) දිගින් යුත් බාධකය ස්කාර්බරෝ ෂෝල් හි කලපුවක ධීවරයින්ට සිය කටයුතු කිරීම වළක්වන බවයි.
චීනය දකුණු චීන මුහුදෙන් 90% කට වඩා හිමිකම් කියන අතර 2012 දී ෂෝල් ප්‍රදේශය අල්ලා ගත්තේය.
පිලිපීන වෙරළාරක්ෂක කොමදෝරු ජේ ටරියෙලා පවසා ඇත්තේ, සිකුරාදා සිදුකළ මුර සංචාරයක් මගින් බාධකය සොයාගත් බවයි.
චීන වෙරළාරක්ෂක යාත්‍රා තුනක් සහ චීන සමුද්‍ර මිලීෂියා සේවා බෝට්ටුවක් පැමිණ එම බාධකය සවි කළ බව ඔහු පවසයි.
පිලිපීන වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පෙනදී ඇත්තේ, එම බාධකය ධීවරයින්ට ඔවුන්ගේ ජීවනෝපාය අහිමි කරන බවයි.
දකුණු චීන මුහුද විශාල තෙල් හා ගෑස් සංචිත ඇති බව විශ්වාස කෙරෙන පොහොසත් ධීවර භූමියකි.
ලෝකයේ ධීවර යාත්‍රාවලින් අඩකට වඩා ක්‍රියාත්මක වන්නේ මෙම ප්‍රදේශයේ ය.
චීනයේ මෙම පියවර මගින් පිලිපීනය පමණක් නොව වියට්නාමය, තායිවානය, මැලේසියාව සහ බෲනායි ද කෝපයට පත්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart