
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය සතියේ මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී පුද්ගලයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් යුදහමුදා සෙබළුන් තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශිවනගර්, මුතුයියන්කඩ්ඩු ප්‍රදේශයේ පිහිටි 12 වැනි සිංහ රෙජිමේන්තුවේ කඳවුරට පුද්ගලයන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නීතිවිරෝධී ලෙස ඇතුළු වී ඇති බව පොලීසිය පවසන අතර, මේ වන විට කඳවුර එම ප්‍රදේශයෙන් ඉවත්කරමින් පවතින බව ද පොලිසිය පවසයි.
එහිදී ඉකුත් බ්‍රහස්පතින්දා යකඩ ඇතුළු ද්‍රව්‍ය එකතුකිරීම සඳහා කඳවුරට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ මෙම පිරිස යුද හමුදා නිලධාරීන් විසින් පළවාහැර තිබිණි.
අනවසරයෙන් කඳවුරට ඇතුළු වූ එක් අයෙක් පසුව මුතුයියන්කඩු වැවේ ගිලී මියගොස් සිටියදී ඔහුගේ මළසිරුර සොයාගෙන ඇත.
අනවසරයෙන් ඇතුළු වී පිරිස කඳවුරෙන් පළවාහරිමින් සිටියදී යුද හමුදා නිලධාරීන් විසින් ඔවුන්ගෙන් කිහිපදෙනකුට පහරදී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පහරදීම සම්බන්ධයෙන් එක් සොල්දාදුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, විවිධ භාණ්ඩ සොරකම් කිරීම සඳහා කඳවුරට ඇතුළුවීමට අනුබල දුන් තවත් සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ.
සැකකරුවන් ඉකුත් 09 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
යුදහමුදා කඳවුරේ සාමාජිකයන් පරණ යකඩ වැනි විවිධ ද්‍රව්‍ය එකතු කරන ලෙස පැවසූ බවත්, තවත් හමුදා සෙබළුන් පිරිසක් ඔවුන් ඇතුළුවීම වැළැක්වීමට උත්සාහ කළ බවත් එම පිරිස චෝදනා කරති.
මියගිය පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් යාපනය රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව විවෘත තීන්දුවක් නිකුත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඔඩ්ඩුසුඩාන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart