
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා නාවික හමුදාව සහ ශ්රී ලංකා පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන ජංගම දුරකථන 650ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2024 අගෝස්තු 27 වැනි දින පුත්තලම කරඹ ප්රදේශයේ මාර්ග බාධකයක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා තම්බපන්නිහි නාවික හමුදා සාමාජිකයන් විසින් නොරොච්චෝලේ පොලිසියේ සහයෝගය ඇතිව මෙම මෙහෙයුම සිදුකර තිබේ.
ලැබුණු තොරතුරක් මත ක්රියාත්මක වූ කණ්ඩායම කරඹ මාර්ග බාධකයේ සිදුකළ සෝදිසියකදී කැබ් රථයකින් ප්රවාහනය කරමින් තිබූ ජංගම දුරකථන මෙලෙස සොයාගෙන ඇත.
සැකකරු කැකිරාව ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහු සතු එම ජංගම දුරකථන සහ කැබ් රථයද අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු රෙගුලාසි උල්ලංඝණය කරමින් මෙම උපකරණ නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවට ගෙන ආ බවට විශ්වාස කෙරේ.
අත්අඩංගුවට ගත් ජංගම දුරකථන සහ කැබ් රථය සමඟ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලේ පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart