September 30, 2026

එක්සත් රාජධානියේ රජය සමඟ ඇති කරගත් එකඟතාවක් මත එස්වටිනි රාජ්‍යයේ තාවකාලිකව වාසය කළ කිෂාන්ත් පෙරමයියා නැමැති ශ්‍රී ලංකිකයා මියගොස් ඇති බව එස්වටිනි රාජ්‍යය විසින් නිල වශයෙන් තහවුරු කර තිබේ.

එස්වටිනි රජය නිකුත් කළ නිල ප්‍රකාශයක දැක්වෙන පරිදි, කිෂාන්ත් පෙරමයියා මියයන අවස්ථාවේදී එස්වටිනි රාජ්‍යය තුළ දීර්ඝ කාලීනව රැඳීසිටීම සම්බන්ධයෙන් එස්වටිනි සහ එක්සත් රාජධානියේ බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබී ඇති අතර, රජයේ ප්‍රකාශිකා තබිලේ ම්ඩ්ලුලි විසින් 2026 සැප්තැම්බර් 28 වැනි දින අත්සන් තබන ලද නිවේදනය මඟින් අදාළ බලධාරීන් අතර සාකච්ඡා අඛණ්ඩව සිදු වූ බව තහවුරු කර ඇත.

අවමංගල්‍යය කටයුතු සංවිධානය කිරීම සදහා සහ මියගිය කිෂාන්ත් පෙරමයියාගේ පවුලේ සාමාජිකයන් සමඟ කටයුතු කිරීම සඳහා එස්වටිනි රජය විසින් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සමඟ සමීපව කටයුතු කරමින් සිටින බව පවසා තිබේ.

එස්වටිනි රජය විසින් කිෂාන්ත් පෙරමයියාගේ පවුලේ සාමාජිකයන්ට සහ හිතවතුන්ට සිය බලවත් ශෝකය ප්‍රකාශ කර ඇත.