September 30, 2026

ශ්‍රී ලංකාවේ වියළි කලාපය සඳහා විශේෂයෙන් ගැලපෙන නව පළතුරු ප්‍රභේද තුනක් හඳුන්වාදීමට අගුණකොළපැලැස්ස භෝග පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

මෙලෙස හඳුන්වා දී ඇත්තේ අලිගැටපේර, අඹ සහ බෙලි යන පළතුරු සඳහා නව ප්‍රභේදයන්ය.

– ‘ග්‍රීන් බටර්’ (Green Butter) අලිගැටපේර: වියළි කලාපයට විශේෂයෙන් නිර්දේශිත මෙම ප්‍රභේදය පැළ සිටුවා මාස 28-32 ත් අතර කෙටි කාලයකදී අස්වැන්න ලබාගත හැක. මෙහි ගෙඩියක් ග්‍රෑම් 500-600 ත් අතර බරකින් යුක්ත වේ.

– ‘ග්‍රීන් කිං’ (Green King) අඹ: මෙම අඹ ගසකින් වසරකට ගෙඩි 100 ක් පමණ ලබාගත හැකි අතර, එක් ගෙඩියක බර කිලෝග්‍රෑම් එකකට වඩා වැඩි වීම විශේෂත්වයකි.

– ‘සුගලා ක්වීන්’ (Sugala Queen) බෙලි: මෙම නව බෙලි ප්‍රභේදයේ ගසකින් වසරකට ගෙඩි 100-120 ත් අතර ප්‍රමාණයක් අස්වැන්න ලෙස ලබාගත හැකි බව සඳහන් වේ.