
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීවරයා නිට්ටඹුවේදී ඝාතනය කිරීමට අදාළ නඩුව විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අගවිනිසුරු විසින් පත් කර තිබේ.
නීතිපතිවරයාගේ ඉල්ලීමක් අනුව එම පත්කිරීම සිදුකර ඇති අතර, මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 42 කට එරෙහිව නඩු පවරා තිබේ.
ඉකුත් වසරේ මැයි 09 වැනිදා නිට්ටඹුව නගරයේ විරෝධතාවය අතරතුර අරගලකරුවන් විසින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ කොළඹ සිට සිය නිවසට පැමිණෙමින් සිටියදී නිට්ටඹුව නගරයේදී අදාළ ඛේදවාචකයට මුහුණ දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart