
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වනාන්තර ආශ්‍රිත ගම්මානවලින් අලි ඇතුන් ඉවත් කිරීම සඳහා ඉදිකරන ලද විදුලි වැටවල් සැකසීම සඳහා ශ්‍රී ලංකාව 4,000ක ශක්තිමත් ශ්‍රම බලකායක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව වනජීවී හා ස්වභාවික සම්පත් සංරක්ෂණ ඇමැති පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
ඇය පැවසුවේ “හානි වූ වැටවල් පිළිසකර කිරීමට ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් අප සතුව නොමැති බව අපි පිළිගන්නවා,” යනුවෙනි.
ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සභාවාරයේදීය.
“මෙය නිරාකරණය කිරීම සඳහා අවම වශයෙන් බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,000ක නව ශ්‍රම බලකායක් බඳවා ගැනීමට අපි බලාපොරොත්තු වන්නේ එබැවින්” ඇය පැවසුවාය.
පුත්තලම දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.
එහි වාර්ෂික පාලන වාර්තාවට අනුව වනජීවී දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ අනුමත සේවක සංඛ්‍යාව පුද්ගලයන් 2,851 ක් වන නමුත් සැබෑ සේවක සංඛ්‍යාව 1,941 කි.
2022 සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාව පුරා අලි ඇතුන් 7,000 ක් පමණ සිටින බවට ගණන් බලා ඇත.
පුත්තලම දිස්ත්‍රික්කයේ අලි තර්ජනය අවම කිරීම සඳහා කිලෝමීටර් 350ක දිගකින් යුත් විදුලි වැටවල් 20ක් ඉදිකර ඇති බව ඇමැතිනිය එහිදී පැවසීය.
මෙම වැටවල් වනජීවී දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බහුකාර්ය සංවර්ධන නිලධාරීන්ගේ සහ සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව නඩත්තු කෙරේ.
කිලෝමීටර් 350ක විදුලි වැටවල් සඳහා පුත්තලමේ මුළු කාර්ය මණ්ඩලයම 4000ක් යෙදවූයේ නම් සෑම මීටර් 87.5කටම එක් අයෙකු බැගින් සිටිනු ඇත.
දැනට සිටින බහුකාර්ය සංවර්ධන නිලධාරීන්ට අමතරව සේවකයන් 4,000ක් සේවයේ යොදවන්නේද යන්න පැහැදිලි නොවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart