June 2, 2024

නෙළුව රෝහලට ඇතුළු වන සියලුම මාර්ග ජලයෙන් යටවී ඇත.

එමනිසා ගාල්ල, නෙළුව රෝහලේ හදිසි ප්‍රතිකාර අවශ්‍ය සියලුම ගැබිණි මව්වරුන් සහ රෝගීන් උඩුගම රෝහල වෙත රැගෙන යෑමට පියවර ගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි පවසයි.

විපතට පත් ජනතාව මුදාගැනීම සඳහා තවලම, නෙළුව, උඩුගම සහ හිනිදුම යන ප්‍රදේශවලට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ යුද හමුදාවේ සහන කණ්ඩායම් බෝට්ටු සහ ආරක්ෂක ආම්පන්න සමඟ යොදවා ඇති බව ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර තිබේ.