July 4, 2026

රාජ­ගි­රියේ රිය අන­තු­රෙන් පසු හිටපු ඇමැති පාඨලී චම්පික රණ­ව­කගේ දැනු­ම්දීම අනුව රියැ­දුරු තුසිත බොරැල්ල පොලී­සි­යට ඉදි­රි­පත් කළ බව ඇමැ­ති­ව­ර­යාගේ පෞද්ග­ලික සහ­කා­ර­ව­රයා ලෙස සේවය කළ ජාතික හෙළ උරු­මයේ ප්‍රබල ක්‍රියා­කා­රි­ක­යකු වූ හර්ෂ බණ්ඩාර තිල­ක­සිරි යන අය කොළඹ මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ සාක්ෂි දෙමින් කියාසිටි­යේය.

අන­තුර සිදු වූ අව­ස්ථාවේ තමා සහ ඇමැ­ති­ව­රයා අතර සිදු වූ බව කියන දුර­ක­තන සංවා­ද­යක් පිළි­බ­ඳව සාක්ෂි­කරු විසින් අනා­ව­ර­ණය කරන ලදී.

රිය අන­තු­රින් පසු හිටපු ඇමැ­ති­ව­රයා ගම­න්ගත් මෝට­ර්ර­ථය හඹාගිය යතු­රු­පැ­දියේ පසු­පස ගමන් ගත් තැනැත්තා විදේ­ශ­ග­තව සිටින බැවින් ඔහුගේ සාක්ෂිය මාර්ග­ගත ක්‍රම­යට ගැනීම සඳහා සිතාසි නිකුත් කරන ලෙස නඩු විභා­ගය ආර­ම්භ­යේදී පැමි­ණිල්ල අධි­ක­ර­ණ­යෙන් ඉල්ලී­මක් කළේය.

එම ඉල්ලී­මට දැඩි ලෙස විරෝ­ධය දැක්වූ විත්ති පාර්ශ්වයේ නීති­ඥ­වරු අප­රාධ නඩු විධාන සංග්‍ර­හයේ 276 වන වග­න්තියේ ‘T’ අනු වග­න්තිය ප්‍රකා­රව තාක්ෂ­ණික උප­ක­රණ භාවි­ත­යෙන් සාක්ෂි සට­හන් කිරී­මට අවශ්‍ය රෙගු­ලාසි අග­වි­නි­සු­රු­ව­රයා මෙතෙක් නිකුත් කර නොමැති බව පෙන්වාදුන්හ.

ඒ අනුව විදේ­ශ­යක සිට සාක්ෂි ගැනීම කළ නොහැකි බවද නීති­ඥ­වරු පෙන්වාදුන්හ.

ඒ සම්බ­න්ධ­යෙන් නීති­මය තත්ත්ව­යද පැමි­ණිල්ල විසින් පෙන්වා දෙන ලදී.

එම කරුණු දැක්වීම පිළි­ගත් අධි­ක­ර­ණය ජර්ම­නියේ බර්ලින් නග­රයේ පිහිටි මෙරට තානා­පති කාර්යා­ලයේ සිට මාර්ග­ගත ක්‍රම­යට පැමි­ණිල්ලේ 2 වැනි සාක්ෂි­කරු වන සිද්දික් මොහො­මඩ් සුෆා­යිස් යන අයගේ සාක්ෂිය සට­හ­න්කර ගැනී­මට සිතාසි නිකුත් කළේය.

අන­තු­රුව පැමි­ණිල්ලේ 3 වැනි සාක්ෂි­කරු වන හර්ෂ බණ්ඩාර තිල­ක­සිරි යන අයගේ සාක්ෂිය විම­සන ලදි. ඔහු ඇමැ­ති­ව­ර­යාගේ පෞද්ග­ලික සහ­කා­ර­ව­රයා ලෙස සේවය කර ඇති අතර ඇමැ­ති­ව­රයා, ඔහු හා රියැ­දුරු යන තැනැ­ත්තන් පම­ණක් ඇමැති නිල නිවෙසේ පදිං­චිව සිටි බව සාක්ෂි­කරු පැව­සීය.

අන­තුර සිදුවූ බව කියන 2016 පෙබ­ර­වාරි 28 වැනිදා රාත්‍රියේ සාක්ෂි­කරු සිටි ස්ථානය සහ ඔහු භාවිත කළ වාහ­නය පිළි­බ­ඳ­වද පැමි­ණිල්ල විසින් සාක්ෂි විම­සන ලදි.

සිදු­වීම වූදා රාත්‍රියේ තමාගේ පෙම්ව­තිය වන ලී නමැති විදේ­ශීය කාන්තා­වක හා රියැ­දුරු අල්විස් සමඟ බොර­ලැ­ස්ග­මුව ඇවි­දින මංතී­රුවේ ශාරී­රික ව්‍යායාම කර­මින් සිටි බව සාක්ෂි­කරු ඒ අනුව පැව­සීය.

මංතී­රුවේ ඇවි­දි­මින් සිටි­න­විට රියැ­දුරු අල්විස්ට විත්ති­කාර චම්පික රණ­වක දුර­ක­තන ඇම­තු­මක් දී තමාගේ අතින් අන­තු­රක් සිදුව ඇති බවත්, ඒ නිසා බොරැල්ල පොලී­සි­යට ඉදි­රි­පත් වන ලෙස දැනුම් දුන් බවත් සඳ­හන් කළේය.

ඒ පිළි­බ­ඳව තහ­වුරු කර ගැනී­මට තමා ඇමැ­ති­ව­ර­යාට දුර­ක­ත­න­යෙන් කතාකළ බවත්, එවිට “ඇක්සි­ඩන්ට් එකක් වුණා, පොලී­සි­යට රියැ­දු­රකු යවන්න” යැයි ඇමැ­ති­ව­රයා තමාට පැවසූ බවත් සාක්ෂි­කරු අනා­ව­ර­ණය කළේය.

බොර­ලැ­ස්ග­මුවේ සිට බොරැ­ල්ලට රියැ­දු­රකු යැවී­මේදී කාල­යක් ගත­වන නිසා අල්විස් වෙනු­වට අනෙක් රියැ­දුරු වන තුසිත යැවූ බව කියා සිටි­යේය.

තමා පසුව පෙරළා නිල නිවෙ­සට පැමිණි විට හිටපු ඇමැ­ති­ව­රයා එහි සිටි බව දුටු බවත් ඔහු යම් චකි­ත­ය­කින් සිටි බවත් පැව­සීය.

තමා ඔහුට සත්‍යය තත්ත්වය අනා­ව­ර­ණය කළා නම් හොඳයි නේද යනු­වෙන් පැවසූ බවත් විත්ති­කරු එයට පිළි­තුරු නොදුන් බව දන්වා සිටි­යේය.

අන­තු­රින් පසු තුවාල ලැබූ සංදීප් සම්පත් යන අය බැලී­මට කිහිපවරක් රෝහ­ලට ගිය බවද ඔහු කියාසිටි­යේය.

හිටපු ඇමැ­ති­ව­රයා මේ සම්බ­න්ධ­යෙන් කාරු­ණි­කව සලකා නොබැලූ නිසා තමා සත්‍ය හෙළිකිරී­මට තීර­ණය කළ බව සාක්ෂි­කරු පැව­සීය.

2016 සිදු වූ මෙම අන­තුර පිළි­බ­ඳව 2019 වස­රේදී පොලි­ස්ප­ති­ව­රයා හමුවී ප්‍රකා­ශ­යක් ලබාදීමට හේතුව විත්තිය විසින් හරස් ප්‍රශ්න ලෙස විම­සීය.

ඊට පිළි­තුරු දෙමින් සාක්ෂි­කරු කියා සිටියේ විත්ති­කරු එව­කට රටේ සිටි ප්‍රබල චරි­ත­යක් වූ බැවින් තමා තුළ තිබූ බිය නිසා ප්‍රකා­ශ­යක් ලබා දීමට ඉදි­රි­පත් නොවූ බවයි.

2017 සහ 2018 වර්ෂ­වල තමා විදේ­ශ­ග­තව සිටි බවත්, යළි පැමිණි පසු පොලි­ස්ප­ති­ව­රයා හමුවූ බවත් ඔහු පැව­සීය.

සාක්ෂි­කරු මුලින් දුන් ප්‍රකා­ශ­වල මෙම බොර­ලැ­ස්ග­මුව සිදු­වීම පිළි­බ­ඳව සඳ­හන් කර නොමැති බව පෙන්වා දෙමින් විත්ති පාර්ශ්වය ඔහු­ගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න විම­සන ලදි.

නඩු විභා­ගය ජූලි 8 දිනට කල් තැබිණි.

2016 පෙබ­ර­වාරි 28 වැනිදා රාජ­ගි­රිය ජනා­ධි­පති විදු­හල ආස­න්න­යේදී WP KT-7545 දරන සුඛෝ­ප­භෝගී රථ­යෙන් සන්දීප් සම්පත් නමැති තරු­ණයා අන­තු­රට පත්කිරීම සහ එම තොර­තුරු වසන්කිරීම ඇතුළු අධි­චෝ­දනා යටතේ මෙම නඩුව පවරා ඇත.

හිටපු ඇමැති පාඨලී චම්පික රණ­වකට අම­ත­රව, එව­කට වැලි­කඩ පොලිසියේ ස්ථානා­ධි­ප­තිව සිටි සහ­කාර පොලිස් අධි­කාරී සුදත් අස්ම­ඩල සහ රියැ­දුරු ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර යන අය මෙහි සෙසු විත්ති­ක­රුවෝ වෙති.

නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් යොහාන් අබේ­වි­ක්‍රම පැමි­ණිල්ල මෙහෙ­යවූ අතර ජනා­ධි­පති නීතිඥ නිහාල් ජය­මාන්න මහතා විත්තිය වෙනු­වෙන් කරුණු දැක්වීය.