
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු බුදුදහම සහ බුදුන් වහන්සේ පිළිබඳව අවමන් සහගත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක පවසයි.
කිසිදු ආගමකට අපහාස කිරීමට කිසිවකුට ඉඩක් නොතබන බවද ඇමැතිවරයා සඳහන් කරයි.
පසුගිය සති අන්තයේ, ජෙරොම් දේවගැතිවරයා විසින් බුදුරජාණන් වහන්සේට සහ බුද්ධාගමට එරෙහිව දේශනා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සැරිසැරූ අතර, එය බහුතර බෞද්ධයන් අතර කැළඹීමක් ඇති කර තිබිණි.
සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ පුද්ගලයන් රැසක් විසින්ම, දේවගැතිවරයා රට තුළ ආගමික අසමගිය ඇති කිරීමට උත්සාහ කරන බව පවසමින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසද ඉල්ලා තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් පලකරන විදුර වික්‍රමනායක ඇමැතිවරයා සඳහන් කරන්නේ, ජෙරොම් දේවගැතිවරයා ඇතුළුව එවැනි ප්‍රකෝපකාරී අදහස් ප්‍රකාශ කරන පුද්ගලයන් ඇතුළුව නීති විරෝධී ආගමික සිද්ධස්ථාන ගණනාවක් රට තුළ ඇති බවයි.
“ආගමික සිද්ධස්ථාන නිසි ලෙස ලියාපදිංචි කිරීම සඳහා අපි මේ රටේ ප්‍රධාන ආගම් සියල්ලේම ප්‍රධානීන් සමඟ සංවාදයක් ආරම්භ කරනවා. ආගමික සිද්ධස්ථානවලට මුවා වී නීති විරෝධී මධ්‍යස්ථාන ක්‍රියාත්මක වීමට අපි ඉඩතබන්නේ නැහැ ”යැයි ඇමතිවරයා සඳහන් කරයි.
ජෙරොම්ට දෙවගතිවරයාට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් ඇමැතිවරයා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් තම තීරණය කඩිනමින් ප්‍රකාශ කරන බවයි.
(dailymirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart