
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු මුහුදේදී ධීවර යාත්‍රාවකින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළාත් පාලන අපේක්ෂකයකුට එරෙහිව පක්ෂය පියවර ගෙන ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ තැබූ සටහනක මන්ත්‍රී ප්‍රේමදාස සඳහන් කර තිබුණේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයාගේ සමගි ජන බලවේගයේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් ආරම්භ කරන බව ද ඔහු තවදුරටත් පැවසීය.
“අපේ සමාජයට පිළිකාවක් වන මත්ද්‍රව්‍ය වෙළඳාමට පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය දැඩි ලෙස විරුද්ධයි. මෙම නීති විරෝධී, නින්දිත ක්රියාවේ යෙදෙන අයට ඉහළම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අපගේ නීති ප්‍රතිසංස්කරණය කළ යුතු බව අපි තරයේ විශ්වාස කරනවා,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
මත්ද්‍රව්‍ය මෙහෙයුම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පළාත් පාලන අපේක්ෂකයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තහවුරු කිරීමෙන් පසුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කර තිබිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යාත්‍රාවේ තිබී හෙරොයින් සහ ‘අයිස්’ අඩංගු මත්ද්‍රව්‍ය කිලෝ 376කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් බිලියන 4ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart