
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවට තහවුරු වූ හිටපු සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ පාර්ලිමේන්තු සහ රාජ්‍ය ඇමැති වරප්‍රසාද භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි ඉල්ලීමක් ඇත්නම් එය සිදුකළ හැකි බව පාර්ලිමේන්තුව තහවුරු කර තිබේ.
ඩයනා ගමගේ එක්සත් රාජධානියේ පුරවැසියකු වීම නිසා ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය මැයි 8 වැනිදා තීන්දු කළේය.
අනතුරුව ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ රාජ්‍ය ඇමැතිවරියක ලෙස කටයුතු කළ කාලය තුළ ඇය වෙනුවෙන් කළ සියලු වියදම් අයකර ගන්නා ලෙස පාර්ලිමේන්තු විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්ව වෙතින් ඉල්ලීම් ඉදිරිපත් විය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසන්නේ එවැනි ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට මැදිහත් වීමට හැකි ශක්තිමත් නීතිමය ප්‍රතිපාදන නොමැති නමුත් පරීක්ෂණයක් කිරීමට හැකියාවක් පවතින බවයි.
මැතිවරණ කොමිසමේ වගකීම මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට පමණක් සීමා වී ඇති බැවින් එවැනි කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට අධිකරණ බලයක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට තේරී පත් වූ පසු වෙනත් ආයතන හරහා ඔවුන්ගේ හිමිකම් ලැබෙන බව ඔහු පැහැදිලි කර ඇත්තේ මැතිවරණ කොමිසම එවැනි ක්‍රියාවලීන්ට සම්බන්ධ නොවන බව අවධාරණය කරමිනි.
අභියාචනාධිකරණය විසින් ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීම අභියෝගයට ලක්කරමින් අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගමගේ මන්ත්‍රීවරයකු වීමට නුසුදුසු බව විනිසුරු ජනක් ද සිල්වා ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් අදාළ අභියාචනය ගොනුකර ඇත්තේ ගමගේ මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ පුරවැසිභාවය සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ මූලික පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර සති දෙකකට පසුවය.
( The Daily Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart