
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශන 2024 පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලේ මීටර් 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාඇත්තේ උණුසුම් මූලික වටයේ තරගයක තෙවැනි ස්ථානයට පත්වීමෙනි.
දර්ශන පිරිමි මීටර් 400 උනුසුම් 5 ඉසව්ව තත්පර 44.99කින් නිමකරමින් 3වැනි ස්ථානයට පත්වූ අතර, එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව වේ.
ඒ අනුව ඔහු හෙට (අගෝ. 06) පැවැත්වීමට නියමිත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ග්රෙනාඩාවේ කිරනි ජේම්ස් (44.78) තරගයේ ප්රථම ස්ථානයට පත්වූ අතර කැනඩාවේ ක්රිස්ටෝපර් මොරාලෙස්-විලියම්ස් තත්පර 44.96කින් දෙවැනි ස්ථානයට පත්විය.
අරුණ දර්ශන පසුගියදා චීනයේ පැවැති 2 වැනි තීරය සහ මාර්ග ආරාධිත මලල ක්රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ ප්රථම ස්ථානය අත්කර ගනිමින් ධාවන පථයේ සිය සුවිශේෂී වේගය සහ දක්ෂතාව ප්රදර්ශනය කළේය.
ඔහු හිටපු ශ්රී ලංකා මලල ක්රීඩක සුගත් තිලකරත්නගේ අඩිපාරේ යන බවට බොහෝදෙනාගෙන් ඉඟි ලැබී තිබේ.
දර්ශන 2018 ජාතික මලල ක්රීඩා ශූරතාවලියේදී මීටර් 400 පිරිමි ඉසව්ව තත්පර 46.16කින් නිමකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart