
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රිය අනතුරකින් තරුණයකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනුකර ඇති චෝදනා බලරහිත කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ගොනුකර ඇති රිට් පෙත්සම නැවත ජනවාරි මස 22 වැනි දින කැදවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
එහිදී මෙම පෙත්සම ඉදිරි දින දී සලකා බැලීම සඳහා ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරජාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම්කර තිබේ.
ඒ අනුව එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම ජනවාරි මස 22 වැනි දින කැඳවීමට නියමිතව ඇත.
2016 වසරේ පෙබරවාරි මස 28 වන දින WPKT 7545 දරන ජීප් රථයේ රියදුරුව සිට එය ධාවනය කරමින් අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ක්‍රියා මගින් පුද්ගලයකුට බරපතල තුවාල සිදු කිරීම , එම රිය අනතුර පිළිබඳව පොලීසියට වාර්තා නොකර පළායාම , අනතුරට ලක්වූ තැනැත්තා පිළිබඳව නොසැලකීම, වේගය පාලනය කර ධාවනය නොකිරීම, නිසි ලෙස සෝදිසියෙන් රිය නොපැදවීම යන කරුණු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලීචම්පික රණවකට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා හතරක් යටතේ එම නඩුව ගොනුකර තිබිණි.
එම අධිචෝදනා ගොනුකර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස සිය නීතිඥවරු මූලික විරෝධතා මතුකළ ද එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය අදාළ නඩුව විභාගයට ගැනීමට නියම කර ඇති බවත්, ඒ අනුව මහාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බව තීන්දු කොට එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පාඨලී චම්පික රණවක විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart