
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලාංකිකයකු, එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය විසින් තම සරණාගතභාවය ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය සාර්ථක වී ඇති බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
සැබෑ නම හෙළිනොකළ සහ ‘YA’ ලෙස පමණක් හඳුන්වා දී තිබූ එම පුද්ගලයා, මූලික තීරණයට අභියෝග කිරීමෙන් පසු, බර්මින්හැම් හි ආගමන ඉහළ විනිශ්චය සභාවේදී ඔහුගේ අභියාචනය පිළිගෙන ඇත.
ඒ අනුව, ඉහළ විනිශ්චය සභාවේ මැදිහත්වීමෙන් පසුව,එම නඩුව දැන් නව විභාගයකට ලක්කළ යුතු වේ.
නව නඩු විභාගය සඳහා දිනය තවමත් නියම කර නොමැති බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි.
මෙම පුද්ගලයා 2022 දී තම සහකාරිය සමඟ එක්සත් රාජධානියට ඇතුළුවී ඇති අතර, දෙදෙනාම තම මව්බිමේදී හිංසා පීඩාවලට මුහුණදුන් බව ප්‍රකාශ කර තිබේ.
ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර, 2019 අප්‍රේල් මාසයේදී එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් ඔහුව රඳවාගෙන ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart