
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ප්රිමියර් ලීග්(IPL) තරගාවලියට සහභාගිවන ගුජරාට් ටයිටන්ස් පිලේ නායක සුපිරි ඉන්දීය ක්රීඩක හර්දික් පාන්ඩ්යා ඊයේ (27) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්ව තිබේ.
ඊට අදාළ විඩියෝවක් මුම්බායි ඉන්දියන් නිල යූ ටියුබ් නාළිකාවට එක්කර ඇත.
හර්දික් පාන්ඩ්යා ලීග් තරග ආරම්භ කළේ 2015 වසරේදී මුම්බායි පිල සමඟය.
අනතුරුව ගුජරාට් කණ්ඩාමට එක්වූ පාන්ඩ්යා එම කණ්ඩායමට IPL ශුරතාවක් දිනාදීමටද සමත්විය.
පාන්ඩ්යාගේ ඉවත්වීමෙන් පුරප්පාඩූ වූ ගුජරාට් පිලේ නායකත්වය වෙනුවෙන් ශුබ්මන් ගිල්ව පත්කළ බව ඊයේ පස්වරුවේ එම කණ්ඩායම නිවේදනය කළේය.
2022 වසරේදී ගිල්ව ගුජරාට් ටයිටන්ස් පිල ඉන්දීය කෝටි 08ක මුදලකට මිළදී ගත් අතර එම වසරේදී ඔහු ලකුණු 483ක් කණ්ඩායම වෙනුවෙන් වාර්තා කිරීමට සමත්විය.
මෙම වසරේදී ගිල් IPL තරගාවලියේදී රැස්කළ ඉහළම ලකුණු සංඛයාව වාර්තා කිරීමටද සමත්විය.
ඒ අතර පිට පිට අයි පී එල් තරගාවලියේදී ශතක රැස්කළ සිව්වන IPL ක්රීඩකයාගේ වාර්තාවද ලියැවි ඇත්තේ ෂුබ්මන් ගිල්ගේ නම ඉදිරියෙන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart