
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට හිමිවූ පළමු පදක්කම දිනා ගැනීමට පැරා-ක්‍රීඩක පාලිත බණ්ඩාර අද (30) සමත් විය.
පිරිමි කවපෙත්ත විසි කිරීමේ අවසන් තරගයේදී මීටර් 46.84ක දක්ෂතාවක් දක්වමින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ඔහු සමත් විය.
මෙම තරගයේ රන් පදක්කම වේල්සයේ ඇලෙඩ් ඩේවිස් දිනාගත් අතර, ලෝකඩ පදක්කම ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ හි අකීම් ස්ටුවර්ට් විසින් හිමිකර ගන්නා ලදී.
මෙය පාලිත බණ්ඩාර විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී පිට පිට දිනාගත් දෙවැනි රිදී පදක්කම වන අතර, ඔහු මීට පෙර 2022 බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීද රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
මෙහිදී ඔහු වාර්තා කළ මීටර් 46.84ක දුර, එම ඉසව්වෙන් ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙසද සටහන් වේ.
ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කරමින් රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ තරග වැදීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart