
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී ඇති වූ සුළි කුණාටුවෙන් විපතට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා පකිස්ථානය ශ්‍රී ලංකාවට අතිරේක ටොන් 200ක මානුෂීය සහන සැපයුම් සපයන බව පකිස්ථාන සමුද්‍ර කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය මුහම්මද් ජුනයිඩ් අන්වර් චෞද්රි අද පැවසීය.
කොළඹදී ශ්‍රී ලංකා නායකයන් සමඟ පැවති රැස්වීම්වලින් සහ රටේ තත්ත්වය ඇගයීමෙන් පසුව මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර, බලපෑමට ලක් වූ පවුල්වල මධ්‍ය කාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා වැඩි සහයෝගයක් අවශ්‍ය බව නිගමනය කළ බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මුහම්මද් ජුනයිඩ් අන්වර් පවසා ඇත.
සහන භාණ්ඩ ටොන් 200 ක් රැගත් නෞකාවක් මේ වන විටත් දියත්කර ඇති අතර දෙසැම්බර් 13 වන විට එය ශ්‍රී ලංකාවට ළඟාවීමට අපේක්ෂා කරන බව ජුනයිඩ් චෞද්රි පවසයි.
“මෙම තොගයට කූඩාරම්, බ්ලැන්කට්, ඇඳ ඇතිරිලි, මදුරු දැල්, කඳවුරු ලාම්පු, පැදුරු, ජීවිතාරක්ෂක ජැකට්, පිම්බෙන බෝට්ටු, ජලය ඉවත් කරන පොම්ප, ඖෂධ, කිරිපිටි සහ භාවිතයට සූදානම් චිකිත්සක ආහාර ඇතුළත් වේ”, ඔහු තවදුරටත් සඳහන් කරයි.
පාකිස්ථාන නාවික හමුදා නැව් සහ ගුවන් සේවා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහන කටයුතුවල නියැලී සිටින බවත්, ගලවාගැනීමේ, ප්‍රවාහන සහ හදිසි මෙහෙයුම් සඳහා සහාය ලබාදෙන බවත් ඔහු පවසයි.
දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවල ප්‍රජාවන්ට සහාය වීම සඳහා නාවික කණ්ඩායම් දේශීය ආයතන සමඟ සමීපව කටයුතු කරමින් සිටිති
ඩිට්වා සුළි කුණාටුවෙන් පසු පාකිස්තානයේ සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සඳහා අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ උපදෙස් මත අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණියේය.
මානුෂීය හා යටිතල පහසුකම් හානිවලින් ශ්‍රී ලංකාවට ගොඩඒමට උපකාර කිරීමට පාකිස්තානය සූදානම් බව ජුනයිඩ් චෞද්රි වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart