
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීර කලාපයේ (PoK) හමුදා බලය යොදවමින් සාමාන්‍ය වැසියන් 90 දෙනෙකුට ආසන්න පිරිසක් ඝාතනය කළ බවට එල්ල වන දැඩි චෝදනා හමුවේ, එරට ක්‍රියාත්මක විදේශීය මාධ්‍යවේදීන් සඳහා අලුතින් දැඩි රෙගුලාසි මාලාවක් පැනවීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබේ.
නව රෙගුලාසිවලට අනුව, විදේශීය මාධ්‍යවේදීන්ට පාකිස්තානයේ ප්‍රධාන නගර තුන වන ඉස්ලාමාබාද්, ලාහෝර් සහ කරච්චි යන නගරවලින් පිටත වාර්තාකරණ කටයුතු සඳහා සංචාරය කිරීමට පෙර රජයෙන් පූර්ව අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ.
මීට පෙර ද පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීර කලාපයේ සිදුවීම් පිළිබඳව වාර්තා කිරීමේදී “ව්‍යාජ සහ පක්ෂපාතී මාධ්‍ය භාවිතයක” නිරත වූ බවට චෝදනා කරමින් අල් ජසීරා ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයකට එරට තහනම් පැනවීමට ඉස්ලාමාබාද් පාලනය පියවර ගෙන තිබුණි.
එපමණක් නොව, දැනට ගැටුම් පවතින මුසාෆරාබාද් හෝ රාවලාකොට් යන ප්‍රදේශවල සංචාරය කර තොරතුරු වාර්තා කිරීමට පාකිස්තානයේ දේශීය මාධ්‍යවේදීන්ට පවා අවසර ලබා දී නොමැති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පාකිස්තාන තොරතුරු සහ විකාශන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද “2026 විදේශීය මාධ්‍ය පහසුකම් සැලසීමේ මාර්ගෝපදේශ” (Foreign Media Facilitation Guidelines, 2026) යටතේ, නිල ලියාපදිංචිය ලත් විදේශීය මාධ්‍යවේදීන් ඉහත සඳහන් කළ ප්‍රධාන නගර තුනෙන් පිටත රාජකාරිමය සංචාරවල නිරත වීමට පෙර අභිමත අනුමැති සහතිකය (NOC) ලබා ගත යුතු බව දැක්වේ.
මෙම නව ප්‍රතිපත්තිය හරහා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සහ ඒවායේ කාර්ය මණ්ඩලයේ ලියාපදිංචිය, පිළිගැනීම සහ ගමනාගමනය පාලනය කිරීම සඳහා නව නීතිමය රාමුවක් සකස් කර ඇති අතර, එමඟින් ජාත්‍යන්තර මාධ්‍ය ආවරණය කෙරෙහි පවතින රජයේ පාලනය සහ නිරීක්ෂණය තවදුරටත් පුළුල් වී ඇති බව දේශීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම සීමා කිරීම් විදේශීය වාර්තාකරුවන්ට පමණක් නොව ජාත්‍යන්තර මුද්‍රිත, රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය ආයතන, ස්වාධීන මාධ්‍යවේදීන් (Freelancers), වාර්තා චිත්‍රපට නිෂ්පාදකයින්, මාධ්‍ය හිමිකරුවන් සහ විදේශීය මාධ්‍ය සමඟ කටයුතු කරන සහකාර කාර්ය මණ්ඩල ඇතුළු සියලු දෙනාටම අදාළ වේ.
මීට අමතරව, විදේශීය මාධ්‍ය ආයතනයක් සමඟ කටයුතු කරන ඕනෑම අයෙකු ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති අතර, එම අයදුම්පත් විදේශ ප්රචාරක අංශයේ මාර්ගගත (Online) පද්ධතිය ඔස්සේ යොමු කළ යුතුය. විදේශයන්හි ජීවත්වෙමින් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වෙත තොරතුරු සපයන පාකිස්තාන ජාතික මාධ්‍යවේදීන්ට ද මෙම ලියාපදිංචිය අනිවාර්ය වන අතර, ඔවුන්ගේ අයදුම්පත් තානාපති කාර්යාල ඇතුළු පාකිස්තාන රාජ්‍ය දූත මණ්ඩල ඔස්සේ යොමු කළ යුතු බව ද රජය වැඩිදුරටත් දැනුම් දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart