April 14, 2026

සටන් විරාමය අවසන් වීමට පෙර ඉදිරි දිනවලදී ඉස්ලාමාබාද්හිදී එක්සත් ජනපදය සහ ඉරානය අතර දෙවැනි වටයේ සාකච්ඡා පැවැත්වීමට පාකිස්තානය යෝජනා කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, පාර්ශවයන් වෙනත් ස්ථානයක් ඉල්ලා සිටින්නේද යන්න මත යෝජනාව රඳාපවතින බවයි.

එකඟතාවයකින් තොරව අවසන් වුවද, පළමු සාකච්ඡා එක් වරක් පමණක් කළ උත්සාහයකට වඩා, අඛණ්ඩ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියක කොටසක් බව පාකිස්ථානය සඳහන් කර ඇත.