
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අහමදාබාද් හිදී පාකිස්ථානය සමග අද (14) පැවැති තරගය කඩුලු 07කින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වූයේ තරගාවලියේ ඔවුන් සහභාගිවූ තරග තුනම ජයගනිමිනි.
ඒ පන්දුවාර 29ක් ද ඉතිරිව තිබියදී ය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 42යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 191ක් පමණකි.
පන්දු යැවිමේදී ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් සිරාජ්, හර්ඩික් පාන්ඩ්යා, කුල්දීප් යාදව් සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 02 බැගින් බිඳහෙළීය.
තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිව තිබූ ඉලක්කය ලකුණු 192ක් විය.
ඒ අනුව ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 30යි පන්දු 03ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 192ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.
රෝහිත් ෂර්මා ලකුණු 86ක් සහ සුරේෂ් අයියර් නොදැවී ලකුණු 53ක් රැස්කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart