March 30, 2026

පකිස්ථාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඉෂාක් දාර් ඉකුත් ඉරිදා ඉස්ලාමාබාද් නුවරදී අමිහිරි අත්දැකීමකට මුහුණ දුන්නේය.

මැදපෙරදිග නොසන්සුන්තාව සමනය කිරීමේ සාකච්ඡා සඳහා පැමිණි ඊජිප්තු විදේශ අමාත්‍ය බද්ර් අබ්දෙලට්ටි පිළිගැනීමට රතු පලස මතින් ඉදිරියට යන අවස්ථාවේදී ඔහු ලිස්සා ඇද වැටුණි.

මෙම සිදුවීම දැක්වෙන වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස ප්‍රචලිත වෙමින් පවතී.

එහි දැක්වෙන්නේ විදේශ අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන දාර්, අමුත්තා පිළිගැනීමට යාමේදී සමබරතාව ගිලිහී බිම ඇද වැටෙන ආකාරයයි.

එහි සිටි ආරක්ෂක නිලධාරීන් වහා මැදිහත් වී ඔහුට නැගිටීමට උදවු කර තිබේ.

මෙම වැටීම හේතුවෙන් ඔහුගේ උරහිසේ ”සියුම් අස්ථි බිඳීමක්” සිදුව ඇති බව බලධාරීන් පසුව තහවුරු කළේය.