July 29, 2026

ශ්‍රී ලංකාවේ සිටින නීතිඥයන්ගෙන් 97% කට වඩා වැඩි පිරිසක් සහ සියලුම විනිසුරුවරුන් පාහේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාවට විරුද්ධ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

“මගේ ඇස්තමේන්තුව අනුව, නීති වෘත්තියේ 97% කට වඩා වැඩි පිරිසක් සහ සමස්ත විනිශ්චය පද්ධතියේ බොහෝදුරට සියලුම විනිසුරුවරුන් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව සිටිති.
පසුගිය දින කිහිපය තුළ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරයට සහාය පළ කරමින්, අපගේ ශාඛා නීතිඥ සංගම් 93 න් එකකට පසු එකක් ලෙස යෝජනා සම්මත (Resolutions) අප වෙත ලැබෙමින් පවතී.
මෙය, යාපනය නීතිඥ සංගමය විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත යොමු කරන ලද නවතම නියෝජනයයි.”