
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය දින කිහිපය තුළ විදුලිය විසන්ධිවීම් 300,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඇතැම් දිනවල එක් පැයක් තුළ 30,000කට අධික සංඛ්‍යාවක් සිදු වූ බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය කියාසිටියේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධිවීම යථා තත්ත්වයට පත්කිරීමේ සැලකිය යුතු ප්‍රමාදයක් තමන් අත්විඳ ඇති බවයි.
මෙම ප්‍රමාදයන් පිළිබඳව ඔවුන් කනගාටුව ප්‍රකාශ කර ඇති අතර, ගැටළු විසඳීම සඳහා පවතින සීමිත තාක්ෂණික කාර්ය මණ්ඩල සංඛ්‍යාවක් පැවැතීම ඊට හේතු වී තිබෙන බව පෙන්වාදෙයි.
මීට අමතරව, අධික ඇමතුම් සංඛ්‍යාවක් ලංවිම දුරකථන ක්‍රියාකරුවන් වෙත ලැබීම, පාරිභෝගිකයන්ගෙන් බොහෝ ඇමතුම්වලට පිළිතුරු නොලැබීමට හේතු වී ඇත.
හැකි ඉක්මනින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරන අතරවාරයේ විදුලිය බිඳවැටීම්වලදී කිසිදු ආකාරයකින් සජීවී වයර් ස්පර්ශ නොකරන ලෙසට උපදෙස් දෙමින්, ඉවසීමෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස එම සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart