
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රත්නපුර නගරයේ දී පෙරේදා (14) පැවැති ජන හමුවේ වේදිකාවට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ වේදිකාවේ සිටි සමගි ජන බලවේගයේ සාමාජිකයන් දැඩි විරෝධයක් පළකිරීමෙන් එහි නොසන්සුන් තත්වයක් ඇතිවිය.
ඔවුහු පුංචිනිලමේගේ පැමිණීමට විරෝධය දක්වමින් වේදිකාවෙන් බැස්සාහ.
පුංචිනිලමේ වේදිකාවට ගොඩවන විට රැස්ව සිටි මහජනතාව ඔල්වරසන් දුන් නමුත්, ඔහු වේදිකාවට ගොඩවනවාත් සමග සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇතුළු පිරිස පුංචිනිලමේට විරෝධය පළකරමින් වේදිකාවෙන් බැස්සෝය.
මේ සිද්ධිය වෙද්දී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වේදිකාවට පැමිණ සිටියේ නැත.
සුසන්ත පුංචිනිලමේ වේදිකාවේ සිට පසුව ඉන් බැස වේදිකාව අසල සිටිනු දැකගත හැකිවිය.
පුංචිනිලමේ වේදිකාවෙන් බැස්ස පසු සමගි ජන බලවේගයේ හේෂා විතානගේ ඇතුළු පිරිස යළි වේදිකාවට ගොඩවූහ.
ඉන්පසු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ කතාකරමින්, අවසන් මොහොතේ දිනන බව දැනගෙන එන කවුරුවත් සමගි ජන බලවේගයට අවශ්‍ය නැති බව කීවේය.
එසේම සමාජයේ විවිධ චෝදනාවලට ලක්වූවන්ගේ සහාය අවශ්‍ය නොවන බව ඔහු කීවේය.
ඔහුගේ කතාවෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී වර්තමානයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයකු වන ආරියවංශ බාලසූරිය කතාකරමින් සිටියදී සුසන්ත පුංචිනිලමේ දෙවැනි වරටත් වේදිකාවට ගොඩවිය.
ඒ අවස්ථාවේද වේදිකාවේ සිටි පිරිස විරෝධය දැක්වූහ.
පසුව සුසන්ත පුංචිනිලමේ වේදිකාවෙන් ඉවත්ව ආසන්නයේ රැඳී සිටිමින් රැස්වීම නරඹනු දැකගත හැකිවිය.
සුසන්ත පුංචිනිලමේ 1994 සිට 2010 කාලයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
1997 පෙබරවාරි 11 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල කුරුවිට දී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙක් විය.
එහෙත් පුංචිනිලමේ 2013 දෙසැම්බර් මාසයේදී එම චෝදනා වලින් නිදොස්කොට නිදහස් කරනු ලැබීය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart