
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ බහුමානීය ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම යටතේ අනුයුක්ත කර සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා ඒකකයක්, එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් පුද්ගලයින් කිහිපදෙනකු තුවාල ලැබීමෙන් පසු, සාර්ථක හදිසි වෛද්‍ය ඉවත්කිරීමේ මෙහෙයුමක් සිදුකර තිබේ.
මෙම මෙහෙයුම ආරම්භ කරන ලද්දේ ජූනි 30 වනදා ‘අම් ඩැෆොක්’ ප්‍රදේශයේ මුරසංචාරයක යෙදී සිටි සැම්බියානු බලඇණියේ භට පිරිස් ප්‍රහාරයකට ලක්වීමෙන් පසුවය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අනුව, හඳුනානොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් ප්‍රහාරක රයිෆල්, රොකට් මගින් ක්‍රියාත්මක වන ග්‍රෙනේඩ් සහ මැෂින් තුවක්කු ආධාරයෙන් මෙම මුරසංචාරයට ප්‍රහාර එල්ල කර ඇති අතර, මෙහිදී සැම්බියානු සාම සාධක භටයන්, සිවිල් වැසියන්, ජෙන්ඩර්මරී නිලධාරීන් සහ අනෙකුත් ආරක්ෂක අංශ සාමාජිකයන් අතර තුවාල ලැබීම් වාර්තා විය.
මෙම මෙහෙයුම සඳහා මුලින් අනුයුක්ත කර තිබූ වෙනත් හෙලිකොප්ටර් යානයකට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පිටත්ව යාමට නොහැකි වීම නිසා, මෙම වගකීම ශ්‍රී ලංකා ගුවන් යානා ඒකකය වෙත පැවරී තිබේ.
ආරක්ෂක තත්ත්වය වඩ වඩාත් පිරිහෙමින් පැවති පසුබිමක වුවද, ගෲප් කැප්ටන් ආසිරි පතිරණගේ අණදීම යටතේ සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දිල්හාෂ් අතපත්තු සහාය නියමුවා ලෙස කටයුතු කළ Mi-17 හෙලිකොප්ටර් යානය ‘අම් ඩැෆොක්’ බලා පියාසර කරන ඇත.
එහි ළඟා වූ ගුවන් කාර්ය මණ්ඩලය, අර්ධ වශයෙන් පමණක් ආරක්ෂාව තහවුරු කර තිබූ හෙලිපෑඩයකට යානය ගොඩබස්වා, බිම රැඳී සිටින කාලය අවම කරගැනීම සඳහා එන්ජින් දෙකම ක්‍රියාත්මක වෙමින් පවතිද්දීම තුවාල ලැබූවන් ඉතා ඉක්මනින් යානයට නංවාගෙන එම ප්‍රදේශයෙන් පිටත්ව ගොස් තිබේ.
යානය තුළ සිටි ගුවන් වෛද්‍ය ඉවත්කිරීමේ කණ්ඩායමක් මුළු පියාසර කාලය පුරාම තුවාලකරුවන්ට අඛණ්ඩව ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළේය.
මෙම මෙහෙයුම මඟින් තුවාල ලැබූවන් 14 දෙනෙකු සාර්ථකව මුදාගැනීමට හැකිව ඇත.
ඉන් නවදෙනෙකු බිරාඕ ගුවන් තොටුපළේ පිහිටි 1 වන මට්ටමේ රෝහල වෙත ප්‍රවාහනය කෙරුණු අතර, බරපතල තත්ත්වයේ පසු වූ රෝගීන් පස් දෙනෙකු 2 වන මට්ටමේ (Level 2) වෛද්‍ය පහසුකම් සහිත රෝහලක් වෙත මාරු කර යැවීම සඳහා බ්‍රියා දක්වා ගුවන් මඟින් රැගෙන ගොස් තිබේ.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල කොටසක් ලෙස, අභියෝගාත්මක කාලගුණික සහ ආරක්ෂක තත්ත්වයන් යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart