
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරටදී අත්අඩංගුවට ගත් නීති විරෝධී සිගරට් තොගයක් පසුගියදා විනාශ කළ අතර, එම තොගය වෙළඳපොළට පැමිණියේ නම් රුපියල් බිලියන 13ක බදු මුදලක් අහිමි වන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
රුපියල් බිලියන 15ක් වටිනා දුම්වැටි මිලියන 204ක තොගයක් කෙරවලපිටිය ප්‍රදේශයේ ගබඩා අංගනයක තිබී ජූනි 15 වැනිදා විනාශ කර ඇත.
මෙම තොගය 2021 වසරේ දී ආනයනය කර ඇති අතර, එහිදී අත්අඩංගුවට ගත් තිදෙනකුට එරෙහිව දඩුවම් නියම කර තිබේ.
මෙම දුම්වැටි ඩුබායි සිට රැගෙනවිත් ඇත්තේ දුම්කොළ පනත සහ රේගු රෙගුලාසි උල්ලංඝනය කරමින් යැයි, ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජය රවීන්ද්‍ර සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ රේගු රෙගුලාසි මඟින් කිසිඳදු අනවසර දුම්කොළ නිෂ්පාදනයක් රට තුළට ගෙන ඒමට ඉඩ නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart