
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔන්මැක්ස් පිරමීඩ ආයෝජන සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වන විට මුදල් අහිමිවී සිටින තැන්පත්කරුවන්ට, එම මුදල් වසර දෙකක් තුළ ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ අධ්යක්ෂවරු අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දි තිබේ.
එහි අධ්යක්ෂවරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් 61000කට මුදල් ගෙවීමට නියමිතව තිබෙන බවද සඳහන් කරන ලදී.
එසේ ගෙවිය යුතු මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 18කට අසන්න බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.
තම සමාගමට අදාල බැංකු ගිණුම් මේ වන විට අධිකරණය විසින් තහනමට ලක්කර තිබෙන බවත් එම තහනම ඉවත් කරන්නේ නම් වසර දෙකක් තුළ අදාළ මුදල් තැන්පත්කරුවන්ට නැවත ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වාදෙන ලදී.
මෙහිදී මුදල් අහිමි වූ තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ අධිකරණයට කරුණු දක්වමින් විත්තිකරුවන් විසින් තම සේවා දායකයින්ට රුපියල් කෝටි 25ක පමණ මුදලක් නැවත ගෙවීමට නියමිතව තිබෙන බව සඳහන් කළේය.
ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල ජූලි මස 09 වනදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart