
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ ප්‍රධාන ජලාශ 73ක ජල ධාරිතාවෙන් භාවිතයට ගත හැකිව ඇත්තේ අක්කර අඩි 8,30,000ක ජල ධාරිතාවක් පමණක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සුදර්ශි විදානපතිරණ පවසයි.
ඇය ජනමාධ්‍ය වෙත කියා සිටියේ ජල පරිමාවෙන් සියයට 27.8ක් භාවිතයට ගත හැකි බවයි.
“සම්පූර්ණ ජලාශ අතරින් 62 ක ජල ධාරිතාව සියයට 50 ට අඩුයි. හම්බන්තොට, අනුරාධපුර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජලාශ 14 ක ධාරිතාව සියයට 10 ට අඩුයි” ඇය පෙන්වාදෙයි.
පවතින අයහපත් නියං තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් සහ ගොවීන්ගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart