
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් මේ දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇත්තේ 12 දෙනකු පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ සිය ‘ආර්ථික ගැටළු පාලන විනිශ්චය තක්සේරු කිරීමේදී’ දූෂණ පිළිබඳව අවධානය යොමුකිරීමේදී පාර්ලිමේන්තු සාමාජිකයන් තම වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කිරීම ගැටලුකාරී විය හැකි බව ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කළේය.
“IMF මෙම වාර්තාවේ ශ්‍රී ලංකාවේ ආයතන ඉහළ සිට පහළට දූෂිත බව පවසා තිබෙනවා” ඔහු පැවැසීය.
“ශ්‍රී ලංකාවට IMF වෙතින් දෙවන වාරිකය ලැබෙයි. හැබැයි, තුන්වන වාරිකය ලබාගන්න පුලුවන්ද කියන එක සැකයි. මේ වගේ තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය භයානක තැනකට වැටෙන එක වළක්වන්න බැහැ ” මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart