
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාලය ඔස්සේ සිදුකළ බව කියන මහා පරිමාණ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අලුත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතික සැකකරුවන් 25 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.
මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි.
සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් විද්‍යුත් උපකරණ විශාල ප්‍රමාණයක් පරීක්‍ෂා කිරීමට පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශයේ රහස් පරීක්ෂක නිලධාරීන්ට සිදුවී ඇති බැවින් විමර්ශන අවසන් කර නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
අදාළ චීන ජාතික සැකකරුවන් 25 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 500,000ක ශරීර ඇප මත මුදාහැරීමට කළුතර මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ. මීළඟ නඩු දිනය ජූනි 14 වැනිදාට යෙදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart