
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ජාතික ළමා රක්ෂක අධිකාරිය පිහිටුවීමට මුල්වූයේ, පාසල් දැරියන් ලිංගික සූරාකෑමට ලක්වීම පිළිබඳ පුවත්පත් වාර්තාවක් සහ ඒ සම්බන්ධයෙන් තම දරුවන් දැක්වූ ප්‍රතිචාරය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අනාවරණය කර තිබේ.
‘Stop Child Cruelty Trust’ සංවිධානයේ සභාපතිනී වෛද්‍ය තුෂ් වික්‍රමනායක සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසන්නේ, කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක දැරියන් පිරිසක් රථ රියැදුරකු විසින් හෝටලයකට ගෙන ගොස් ලිංගික සූරාකෑමට ලක්කිරීම පිළිබඳ පුවත්පත් වාර්තාවක් දැක තම දරුවන් තමාගෙන් කළ ප්‍රශ්න කිරීම මේ සඳහා ප්‍රබල හේතුවක් වූ බවයි. තම පාලනයක් පැවැති කාලයක පවා මෙවැනි අපරාධ වැළැක්වීමට නොහැකි වූයේ මන්දැයි දරුවන් එහිදී ප්‍රශ්න කර ඇත.
මෙම සිදුවීමෙන් පසු ළමා ආරක්ෂණය වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව පැවසූ හිටපු ජනාධිපතිනිය, ළමා අපචාර, මත්ද්‍රව්‍ය භාවිතය සහ සියදිවි නසාගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති කාර්යසාධක බලකායන් කිහිපයක් පිහිටුවූ බව සඳහන් කරයි.
දේශපාලනඥයන්ගෙන් තොරව, අදාළ ක්ෂේත්‍රවල විද්වතුන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් පමණක් සමන්විත වූ මෙම කාර්යසාධක බලකායන්හි නිර්දේශය වී ඇත්තේ ළමා අපචාරවලට එරෙහිව කටයුතු කිරීමට සුවිශේෂී බලතල සහිත ආයතනයක් අවශ්‍ය බවයි.
ඒ අනුව, 1996 දෙසැම්බර් මස පත්කළ ජනාධිපති කාර්යසාධක බලකායේ නිර්දේශ මත 1998 අගෝස්තු මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික ළමා රක්ෂක අධිකාරී පනත 1998 නොවැම්බර් 12 වැනි දින ඒකමතිකව සම්මත විය. 1998 අංක 50 දරන ජාතික ළමා රක්ෂක අධිකාරිය පනත යටතේ ස්ථාපිත කෙරුණු මෙම අධිකාරියට ළමා අපචාර වැළැක්වීම, විපතට පත්වූවන් ආරක්ෂා කිරීම සහ නීතිමය ප්‍රතිසංස්කරණ සඳහා උපදෙස් දීමේ බලතල හිමිවිය.
අධිකාරිය පිහිටුවීමට දේශපාලනික වශයෙන් බාධා එල්ල නොවූ බවත්, ප්‍රධාන අභියෝගය වූයේ මේ පිළිබඳ අවබෝධයක් ඇති සුදුසු පුද්ගලයන් සොයාගැනීම බවත් ඇය පවසයි.
තවද, කාන්තා හා ළමා කටයුතු වෙනුවෙන් පොලිස් ඒකක ස්ථාපිත කිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කළ බවද ඇය සඳහන් කරයි.
මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ප්‍රථම සභාපතිවරයා ලෙස පත්කරමින්, ජාතික ළමා රක්ෂක අධිකාරිය 1999 ජූනි 4 වැනි දින නිල වශයෙන් සිය කටයුතු ආරම්භ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart