October 3, 2026

ලංසු තැබීමේදී 2026 අබුඩාබි T10 ලීග් (Abu Dhabi T10 League) තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අටදෙනකු කණ්ඩායම් පහක් විසින් තෝරාගෙන තිබේ.

හිටපු ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මලිංග ‘යස් ලයන්ස්’ කණ්ඩායමට එක්ව ඇති අතර, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ සහ ජනිත් ලියනගේ ‘රෝයල් ඩෙසර්ට් චැම්පියන්ස්’ කණ්ඩායම විසින් තෝරාගෙන ඇත.

වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ‘UAE බුල්ස්’ කණ්ඩායම නියෝජනය කරන අතර, දුනිත් වෙල්ලාලගේ ‘ඇරැබියන් ඒසස්’ කණ්ඩායමට එක්ව සිටියි. එමෙන්ම කුසල් පෙරේරා ‘එමිරේට්ස් ඊගල්ස්’ කණ්ඩායම විසින් තෝරාගෙන තිබේ.

එලෙස තෝරාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ:

– යස් ලයන්ස්: දසුන් ශානක, එෂාන් මලිංග
– රෝයල් ඩෙසර්ට් චැම්පියන්ස්: දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ජනිත් ලියනගේ
– UAE බුල්ස්: නුවන් තුෂාර
– ඇරැබියන් ඒසස්: දුනිත් වෙල්ලාලගේ
– එමිරේට්ස් ඊගල්ස්: කුසල් පෙරේරා

මීට අමතරව, ශ්‍රී ලංකාවේ උපත ලද වේග පන්දු යවන ක්‍රීඩක අම්ෂි ද සිල්වා ද ‘ඇරැබියන් ඒසස්’ කණ්ඩායම විසින් තෝරාගෙන ඇති අතර, ඔහු මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ සිය ක්‍රිකට් වෘත්තියෙහි නිරත වේ.

ගාල්ලේ උපත ලද අම්ෂි ද සිල්වා, ඇමෙරිකාවට යෑමට පෙර ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ සහ ‘ඒ’ කණ්ඩායම් නියෝජනය කළේය. ඔහු මෙවර ‘මේජර් ලීග් ක්‍රිකට්’ තරගාවලියේදී ‘ටෙක්සාස් සුපර් කිංග්ස්’ කණ්ඩායම නියෝජනය කළ අතර, අන්තර්ජාතික මට්ටමින් ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබීම සඳහා කටයුතු කරමින් සිටියි.

2026 අබුඩාබි T10 තරගාවලිය නොවැම්බර් 07 වැනි දින ආරම්භ වීමට නියමිතය.