
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කීරි සම්බා සහල් අධික මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ වෙළෙන්දන් දෙදෙනෙකුට රුපියල් 100,000 බැගින් දඩ නියම කර තිබේ.
කළුතර සහ පානදුර මහේස්ත්රාත් අධිකරණ විසින් ඊට අදාළ නියෝග නිකුත් කර තිබිණි.
මේ අතර, හොරණ, පෝරුවදණ්ඩ ප්රදේශයේ වෙළෙන්දකුට කීරි සම්බා සහල් තොග සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් රුපියල් 20,000ක දඩයක් නියම කර ඇති අතර, වෙළෙන්දා සතුව තිබූ කිලෝග්රෑම් 25ක සහල් මුට්ට රාජසන්තක කිරීමට ද හොරණ මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
කළුතර, නාගොඩ ප්රදේශයේ වෙළඳසැල් හිමියකුට ඊයේ (03) කළුතර මහේස්ත්රාත් අධිකරණය විසින් රුපියල් 100,000ක දඩයක් නියම කර ඇති අතර, කීරි සම්බා සහල් කිලෝග්රෑමයක් රුපියල් 310කට අලෙවි කළ බව පිළිගෙන තිබිණි.
මීට අමතරව, පානදුර, සරික්කමුල්ල ප්රදේශයේ වෙළඳසැලකට රුපියල් 100,000ක දඩයක් නියම කර තිබේ.
අදාළ ප්රදේශවල මහේස්ත්රාත් අධිකරණ 2025 ඔක්තෝබර් 02 සහ ඊයේ (03) දින මෙම නියෝග නිකුත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart