
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහර බන්ධනාගාරයේ ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසු එක් බන්ධනාගාර රැඳවියකු මියගොස් ඇති අතර අවම වශයෙන් පුද්ගලයන් හයදෙනකු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බව තහවුරු වී තිබේ.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු පුද්ගලයින් හත්දෙනකු රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ආරංචි මාර්ගවලට අනුව ඔවුන්ගෙන් එක් අයෙකු ලබා මියගොස් ඇත.
මහර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක විශාල ගින්නක් හටගෙන ඇති අතර එම සිදුවීමෙන් රැඳවියන් ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් වහාම රාගම රෝහලට ඇතුළත් කර ඇත.
මෙම සිදුවීම පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ස්ථානයට යොදවා ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පැවසීය.
බන්ධනාගාරය තුළ උණුසුම් තත්ත්වයක් වාර්තා වීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් මහර බන්ධනාගාරයෙන් පිටත යොදවා ඇති බව වාර්තා වේ.
මහර බන්ධනාගාරය තුළ වාර්තා වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
අද (01) සවස මහර බන්ධනාගාරයේ ඇති වූ උණුසුම් තත්ත්වයට හේතු වී ඇත්තේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ ආරවුලක් බව වාර්තා වේ.
රැඳවියන් විසින් ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ බන්ධනාගාරයේ විනය අංශයට ගිනිතබා ඇති බවත්, ගින්න නිවාදැමීමට පියවර ගෙන ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
මේ අතර, රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් අද පස්වරුවේ මහර බන්ධනාගාරයට පැමිණ ඇත්තේ රැඳවියන් බැලීම සඳහා වුවද, ඔවුන්ට බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වීමට අවසර දී නොමැති බව වාර්තා වේ.
ඒ අනුව, ඥාතීන් මේ වන විට මහර බන්ධනාගාරයෙන් පිටත රැඳී සිටින බව වාර්තා වේ.
කෙසේවෙතත්, බන්ධනාගාරයෙන් පිටත සිටින රැඳවියන්ගේ ඥාතීන් ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ බන්ධනාගාරය තුළින් වෙඩි තබන ශබ්ද කිහිපයක් ඇසුණු බවයි.
සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart