
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මානසික ආතතියෙන් මිදීම සඳහා බව පවසමින් සාම්ප්රදායික නොවන ආකාරයෙන් නිවාස 1,000 කට වැඩි ගණනකට රහසේ ඇතුළු වූ පුද්ගලයකු ජපාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු ජපානයේ Dazaifu හි නිවසකට සොරෙන් ඇතුළු වූ බවට ලද පැමිණිල්ලකට අනුව සැකපිට 37 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් ප්රකාශකයෙක් AFP පුවත් සේවය වෙත පවසා ඇත.
“අන් අයගේ ගෙවල්වලට කඩාවැදීම මගේ විනෝදාංශයක්. මම එය 1,000 වාරයකට වඩා සිදුකර තිබෙනවා” යනුවෙන් Mainichi Shimbun පුවත්පත සැකකරුගේ නම සඳහන් කිරීමෙන් වැලකී ඔහු පොලිසියට ලබාදුන් ප්රකාශයක් වාර්තා කර තිබේ.
“යමෙක් මාව සොයාගනීවිද නැද්ද යන්න ගැන කල්පනා කරන විට මගේ අත්ලට දහඩිය දමන තරමට මම සතුටට පත්වන අතර එය යම් ආතතියක් සමනය කරයි,” සැකකරු පොලිසියට පැවසූ බව පුවත්පත වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart