
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසරවලට සාපේක්ෂව සලකාබලන විට පරිවාස යටතේ තබා ඇති ළමුන් සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් දර්ශනී පෙරේරා සඳහන් කළේ, බස්නාහිර පළාතේ වැඩිම ළමා පරිවාස නඩු සංඛ්‍යාවක් වාර්තා වන බවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පවත්වන ලද ජනමාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඇය මෙම අදහස් පළකළාය.
එහිදී ඇය පෙන්වාදුන්නේ පෙර වසරවලට සාපේක්ෂව, පරිවාස යටතේ තබා ඇති ළමුන් සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
වර්තමානයේ එම දෙපාර්තමේන්තුව පරිවාස යටතේ සිටින ළමුන් 9,000ක් පමණ සමඟ කටයුතු කරන බව ද ඇය පැවසුවාය.
ළමා සංවර්ධන මධ්‍යස්ථාන බොහොමයක් පිහිටා ඇත්තේ බස්නාහිර පළාතේ බවත්, එහි පරිවාස යටතේ සිටින ළමුන් වැඩි සංඛ්‍යාවක් සිටින බවත් සහකාර කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart