
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ රජයක් විනිවිදභාවයෙන් සාධාරණව බදු අය කරන බවත්, ගෙවන බදු සහ එය භාවිත කරන ආකාරය සෑම බදු ගෙවන්නකුටම කෙටි පණිවුඩයක් මගින් දැනුම්දෙන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
බලංගොඩ ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව පත්වී වසර දෙක තුනක් ඇතුළත මෙම ක්‍රමය හඳුන්වා දෙන බවයි.
“වසර දෙක තුනකට පසු, අපි සෑම වසරකම අවසානයේ බදු ගෙවන්නන්ගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් යවනවා, ඔහු හෝ ඇය ගෙවූ බදු ප්‍රමාණය සහ බදු මුදල් අධ්‍යාපනය, සෞඛ්‍ය මාර්ග සංවර්ධනය ආදිය සඳහා යෙදවූ ආකාරය පිළිබඳ යාවත්කාලීන කිරීමක් ලබා දෙමින්. එතකොට බදු ගෙවන අය දැනගන්නවා තමන් ගෙවන බදු මුදල් වියදම් කරලා තියෙන්නේ කොහොමද කියලා.” යනුවෙන් ඔහු පැවසීය.
ජනතාව සහ ව්‍යාපාරිකයන් බදු ගෙවීමට කැමති බවත් ඔවුන් බදු මුදල් කොල්ලකෑමට අකමැති බවත් දිසානායක සඳහන් කළේය.
“බද්දක් ගෙවන විට එහි ප්රතිලාභ ජනතාවට ලැබිය යුතුයි. අපි විනිවිදභාවයෙන් සාධාරණ බද්දක් අය කරනවා,” යනුවෙන් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart