
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරයාට පැවරෙන ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන යොදා ගනිමින් සැප්තැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජාතික ජන බලවේගය අදහස් කරන බව එම බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසයි.
“මේ හොරු එක්ක දවසක්වත් සම්බන්ධ වෙන්න කිසිම හේතුවක් අපිට පේන්නේ නැහැ. නව කැබිනට් මණ්ඩලයක් සහ ලේකම්වරු පත්කිරීමේ ව්‍යවස්ථාමය බලය ජනාධිපතිවරයා සතුයි. 22 වැනිදා නායක අනුර කුමාර දිසානායක අපේ රට වෙනුවෙන් හොඳම තීරණය ගනීවි, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළවල් සමඟ අපි සූදානම්” යැයි අමරසූරිය සඳහා කළාය.
ඇයට අනුව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයකු යටතේ වත්මන් කැබිනට් මණ්ඩලය සහ අගමැති වහාම ඉවත් කරන අතර අවශ්‍ය නීතිමය උපදේශන සිදු කර ඇත.
භාරකාර ආණ්ඩුවක් පිළිබඳ කතා තවදුරටත් අවිනිශ්චිතභාවයක් ඇති කිරීමේ උත්සාහයක් ලෙස මාධ්‍ය වෙත අදහස් දක්වමින් හරිනි අමරසූරිය බැහැර කළාය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ව්‍යාකූලත්වය ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.
ජනාධිපති වික්‍රමසිංහගේ මෑත ප්‍රකාශයන් පිළිබඳ විමසූ විට හරිනි අමරසූරිය ප්‍රශ්න කළේ පන්සිල් පද පහ පිළිපැදීමට හැකි කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ඔහුට ඇති හැකියාව පිළිබඳවය.
“ඔහු ථෙරවාදී ආර්ථික විද්‍යාව ගැන කතා කරනවා, ඊට පෙර පන්සිල් පද පහ පිළිපැදීමට හැකි කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙස ඉල්ලා සිටිය යුතුයි,” යනුවෙන් අමරසූරිය සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart