
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වන ලෙස ජාතික ජන බලවේගය රජයෙන් ඉල්ලා සිටියේය.
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සංසදයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියාසිටියේ, තමන්ට මරණ තර්ජන ඇති බවත්, ඒ නිසා රට හැර යන බවටත් මහේස්ත්‍රාත්වරයා කරන ප්‍රකාශ සත්‍ය නම්, එය බරපතල තත්ත්වයක් බවයි.
“මහේස්ත්‍රාත්වරයා කරන ප්‍රකාශ සත්‍ය නම් රටක් වශයෙන් අපි ඉන්නේ කොතැනද? රජයට පක්ෂපාතී නොවන තීන්දුවක් දුන් පමණින් මහේස්ත්රාත්වරයකුට මරණ තර්ජනවලට මුහුණ දීමට සිදුවනවා නම් එය බරපතළ තත්ත්වයක්.”
මහේස්ත්රාත්වරයාගේ ප්‍රකාශ සත්‍ය නොවේ නම් ඒ පිටුපස ඇති කුමන්ත්‍රණය පිළිබඳව සොයාබැලීම සඳහාත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart