
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජූලි 24 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පහළ නිලයන් සම්බන්ධයෙන් ඇති බලතල කිහිපයක් පොලිස්පතිවරයාට සහ පොලිස් දෙපාර්තමේන්තුවට පවරා ඇත.
එහිදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් සිදුකරන ලද පොලිස් නිලධාරීන් පත්කිරීම, උසස් කිරීම, ස්ථාන මාරුවීම්, විනය පාලනය, සේවයෙන් පහකිරීම මෙන්ම කොමිෂන් සභාව විසින් වරින් වර සකස් කරන ඕනෑම නීති, රෙගුලාසි සහ වෙනත් ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් එම සභාවට පැවැති බලතල පොලිස්පතිවරයාට සහ පොලිස් දෙපාර්තමේන්තුවට පවරා ඇති බව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් සඳහන් තිබේ.
ඒ අනුව, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, උප පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් සැරයන්වරුන් සහ පොලිස් කොස්තාපල්වරුන් සම්බන්ධයෙන් ඉහත ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයාට සහ පොලිස් දෙපාර්තමේන්තුවට බලතල හිමිවනු ඇත.
කෙසේ වෙතත්, පොලිස් ස්ථාන භාර නිලධාරී (OIC), සහකාර පොලිස් අධිකාරී (ASP), පොලිස් අධිකාරී (SP), ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP), නියෝජ්‍ය පොලිස්පතිවරුන් (DIG) සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වැනි උසස් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අවශ්‍ය වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
බලතල සම්බන්ධයෙන් හෝ එසේ පවරන ලද බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසියම් ප්‍රශ්නයක් මතු වුවහොත් ජාතික පොලිස් කොමිසමේ තීරණය අවසාන සහ තීරණාත්මක තීරණයක් බව ද ගැසට් පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart