
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව ආසන්නයේ අන්තර්ජාතික මුහුදු තීරයේ නංගුරම් ලා ඇති ඉරාන නෞකා වෙත සැපයුම් ලබාදීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට බලපෑම් කළ බවට නැගෙන චෝදනා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම හේතුවෙන් විශාල අන්තර්ජාතික නෞකා සංඛ්‍යාවක් මෙරට මුහුදු සීමාවට ආසන්න මුහුදු මාර්ග නිතිපතා භාවිත කරන බවත්, අවශ්‍ය අවස්ථාවලදී එම නෞකාවලට අදාළ සහයෝගය සහ සැපයුම් පහසුකම් (ලොජිස්ටික් සහය) ලබාදෙන බවත් ඇමති හේරත් පවසයි.
හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින තත්ත්වය හමුවේ නාවික ගමනාගමනයට එල්ල වී ඇති අභියෝග හේතුවෙන් ශ්‍රී ලංකාවේ නාවික සැතපුම් 12ක ප්‍රාදේශීය මුහුදු සීමාවෙන් පිටත අන්තර්ජාතික මුහුදේ දැනට නෞකා 47ක් පමණ නංගුරම් ලා ඇති බව ඔහු සඳහන් කරයි. මින් නෞකා 19ක් පමණ දීර්ඝ කාලයක සිට මෙම කලාපයේ ධාවනය වන ඉරාන නෞකා වේ.
විදේශීය බලපෑම් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමති හේරත් පවසන්නේ, මෙම නෞකා සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති අතර බලපෑම් එල්ල කර ද නොමැති බවයි.
ශ්‍රී ලංකාව බාහිර බලපෑම්වලට යටත් නොවන බවත්, තීරණ ගැනීමේදී තම ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ ජාතික අනන්‍යතාවය අඛණ්ඩව සුරකින බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.
අන්තර්ජාතික නාවික නීතියට අනුකූලව කටයුතු කරමින් සහ මානුෂීය අවශ්‍යතා වගකීමෙන් යුතුව ඉටුකරමින් රජය නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන බව ද ඔහු සඳහන් කළේය.
අන්තර්ජාතික සම්බාධකවලට ලක්ව ඇති නෞකාවලට රජය විසින් භාණ්ඩ හෝ සැපයුම් ලබාදී නොමැති බවද ඔහු පැහැදිලි කරයි.
පෞද්ගලික අංශයේ ආයතන ස්වාධීනව එවැනි නෞකාවලට භාණ්ඩ හෝ සේවා සපයන්නේ නම්, ඊට අදාළ නීතිමය අවශ්‍යතා පිළිබඳව තේරුම් ගෙන නිසි සැලකිල්ලෙන් කටයුතු කිරීම එම පාර්ශ්වයන්ගේ වගකීම බව ඔහු වැඩිදුරටත් පවසයි.
“ඇමරිකා එක්සත් ජනපදය සම්බාධක පනවා තිබේ නම්, රජයක් ලෙස අපි එම සම්බාධකවලට ලක්වූ නෞකාවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීම හෝ සැපයුම් ලබාදීම සිදු කර නැහැ. යම් පෞද්ගලික අංශයේ පුද්ගලයන් එවැනි විවිධ නෞකාවලට භාණ්ඩ හා සේවා සපයන්නේ නම්, පවතින තත්ත්වය තේරුම් ගෙන වගකීමෙන් කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමක්. රජයක් ලෙස අපි කටයුතු කරන්නේ ජාත්‍යන්තර නාවික නීතියට අනුකූලවයි,” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart