
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දශක ගණනාවක් පුරා මෙරට දේශපාලනයේ ප්‍රබලම බලකඳවුරක් වූ රාජපක්ෂ පවුලට මේ වනවිට සිය දේශපාලන කටයුතු පසෙකලා අධිකරණ කටයුතු වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට සිදුව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) දිවයින පුරා දැවැන්ත ජනහමු මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණද, නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත වීම එම වැඩපිළිවෙළට දැඩි බලපෑමක් එල්ල කළේය.
අනුරාධපුර රැලියට දින කිහිපයකට පෙර නාමල් රාජපක්ෂ අත්අඩංගුවට පත්වීම නිසා පක්ෂයේ නායකත්වය පිළිබඳ ගැටලුවක් මතුවූ අතර, රාජපක්ෂවරයකු වේදිකාවේ සිටිය යුතු බවට වූ එකඟතාව මත දැඩි ලෙස වියපත්ව සිටින මහින්ද රාජපක්ෂ එම රැලියට සහභාගි කරවා ගැනීමට පියවර ගැනිණි. එහෙත් මහින්ද ඉතා අපහසුවෙන් වේදිකාවට ගොඩවන දර්ශන සමාජගත වීමත් සමග පොහොට්ටුවට දැඩි විවේචන එල්ල වූ අතර, ඉදිරියේදී එතුමා දේශපාලන වේදිකාවට ගෙන එනවාද නැද්ද යන්න පිළිබඳව පක්ෂය අභ්‍යන්තරයේ බරපතළ කතිකාවතක් නිර්මාණය වී ඇත.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පොහොට්ටුව වෙත පණිවුඩයක් යොමුකරමින් යෝජනා කර ඇත්තේ පක්ෂයේ සංවිධාන කටයුතු හිටපු අමාත්‍ය කංචන විජේසේකර වෙත පැවරිය යුතු බවයි. ඉන්ධන හා විදුලි අර්බුදය හමුවේ කිව්.ආර්. පද්ධතිය හඳුන්වා දෙමින් කංචන විජේසේකර දැක්වූ කාර්යක්ෂමතාව පිළිබඳව වික්‍රමසිංහ දැඩි පැහැදීමකින් පසුවෙයි. තමන්ට හිතවත් අයකු පොහොට්ටුවේ ඉහළට ගෙනැවිත් ඒ හරහා එජාපය හා පොහොට්ටුව අතර සන්ධානයක් ගොඩනැගීම සහ පාවෙමින් පවතින පොහොට්ටුවේ ඡන්ද පදනම සිය ග්‍රහණයට ගැනීම රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන අරමුණ වී තිබේ.
නාමල් රාජපක්ෂද මාතරට ගොස් කංචන විජේසේකර හමුවී 2029 ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස එක්වන ලෙස යෝජනා කර ඇත. එජාපයට එක්වීම දේශපාලන සියදිවි නසාගැනීමක් ලෙස දුටු විජේසේකරගේ වැඩි කැමැත්තක් පවතින්නේ පොහොට්ටුව සමග යළි එක්වීමටය.
වත්මන් තත්ත්වය සලකා බලා කංචන විජේසේකරට යළි පක්ෂයට එක්වීමට ආරාධනා කිරීමට පොහොට්ටුව තීරණය කර ඇති අතර, ඔහුට පහසුවක් වනු පිණිස මීළඟ රැස්වීම මාතර දිස්ත්‍රික්කයේ පැවැත්වීමටද තීන්දු කර තිබේ.
(Source – NAS News)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart