October 5, 2026

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

එම සැකකරුවන් තිදෙනා පදිංචි ප්‍රදේශවලින් පළාගොස් දැනට සැඟව සිටින බව පොලීසිය පවසයි.

එලෙස හඳුනාගෙන ඇති සැකකරුවන් වන්නේ හිමාලි සෙව්වන්දි රාජපක්ෂ පතිරණ, තරිඳු ජීවන්ත රාජපක්ෂ පතිරණ සහ විරාජ් නිමාෂ්ක බද්දෙගම පතිරණ යන අයයි.

ඔවුන් සිටින තැනක් පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 071 859 2167 අංකය ඔස්සේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.