
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාලයක් පුරාවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් උතුරු කොරියාව විවෘත ප්‍රකාශයක් සිදුකර තිබේ.
ඒ අනුව යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධයට සහය දැක්වීම සඳහා රුසියාවට සිය හමුදාව යැවූ බවත්, කර්ස්ක් කලාපයේ යුක්රේනයේ හමුදාව විසින් අල්ලාගෙන සිටි රුසියානු භූමි ප්‍රදේශය ආපසු ලබාගැනීමට තම හමුදාවන් දායක වූ බවත් උතුරු කොරියාව ප්‍රථම වරට තහවුරු කර ඇත.
උතුරු කොරියාවේ නිල කොරියානු මධ්‍යම ප්රවෘත්ති ඒජන්සිය ඔස්සේ පාලක කම්කරු පක්ෂයේ මධ්‍යම හමුදා කොමිසම කියාසිටියේ, රුසියාව සහ උතුරු කොරියාව අතර අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක කොටසක් ලෙස නායක කිම් ජොන් උන් රුසියානු හමුදා සමඟ සටන් කිරීමට සිය හමුදාව යවා ඇති බවයි.
යුක්රේන නව-නාසි ආක්‍රමණිකයන් සමූලඝාතනය කිරීමට සහ අතුගා දැමීමට සහ රුසියානු සන්නද්ධ හමුදා සමඟ සහයෝගයෙන් කර්ස්ක් ප්‍රදේශය නිදහස් කරගැනීමට නායක කිම් ජොන් අන්ගේ අණ පරිදි සොල්දාදුවන් යොදවා ඇති බව උතුරු කොරියානු රාජ්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි.
යුක්තිය වෙනුවෙන් සටන් කළ ඔවුන් සියලුදෙනාම වීරයන් සහ මාතෘ භූමියේ ගෞරවයේ නියෝජිතයන් බවත් උතුරු කොරියානු නායකයා පවසා තිබේ.
උතුරු කොරියාව රුසියානු සමූහාණ්ඩුව වැනි බලවත් රාජ්‍යයක් සමඟ සන්ධානයක් ඇතිකර ගැනීම ගෞරවයක් ලෙස සළකන බව ද උතුරු කොරියානු රාජ්‍ය පුවත් සේවය වාර්තා කරයි.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගිය වසරේ ජුනි මාසයේදී විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමකට අත්සන් තැබූ අතර, යුද්ධයක් ඇති වුවහොත් යුධමය වශයෙන් එකිනෙකාගේ සහායට පැමිණීමට දෙරටේ නායකයන් එහිදී ප්‍රතිඥා දී තිබේ.
දකුණු කොරියාවේ නිල Yonhap පුවත් ඒජන්සියට අනුව, යුක්රේනයට එරෙහිව සටන් කළ හමුදා භටයන්ට ගෞරව කිරීම සඳහා පියොන්ගන් අගනුවර නුදුරේදීම ස්මාරකයක් ඉදිකරන බව ද උතුරු කොරියානු නායකයා පවසා ඇත.
“අමරණීයත්වය සඳහා යාඥා කර මියගිය සොල්දාදුවන්ගේ සොහොන්කොත් ඉදිරිපිට මලින් සරසන බවත්, සටනේදී මියගිය භටයන් වීරයන් ලෙස පිළිගන්නා බවත් පාලනාධිකාරිය පවසා ඇතැයි එම පුවත් සේවය වාර්තා කරයි.
කෙසේවෙතත් රුසියාවට යොමුකළ භටයන් සංඛ්‍යාව කොපමණ ද යන්න උතුරු කොරියාව පවසා නොමැත.
කෙසේවෙතත් යුක්රේන නිලධාරීන් මේ වසර මුලදී කියාසිටියේ උතුරු කොරියානුවන් 14,000 ක් පමණ සිය හමුදාවන්ට එරෙහිව අනියුක්ත කර සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart