
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන ඒකකයේ නඩත්තු කටයුතු ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කර තිබේ.
ඒ අනුව එම කාලය තුළ ඒකකය විසන්ධි කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.
අවශ්‍ය නඩත්තු කටයුතු සම්පූර්ණ කිරීමට දින 25ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ඒකකය අක්‍රිය කිරීමෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක විදුලි බලයක් අහිමි වන බව ලංකා විදුලිබල මණ්ඩලය තවදුරටත් සඳහන් කරයි.
වත්මන් වැසි තත්ත්වය හේතුවෙන්, හිඟය ප්‍රධාන වශයෙන් ජල විදුලිබල උත්පාදනයෙන් සපුරාලනු ඇති නිසා බලාගාරයේ නඩත්තු කටයුතු සිදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
නොරොච්චෝලේ හි තවත් ජනන ඒකක දෙකක් තවමත් ක්‍රියාත්මක වන බැවින් විදුලිබල සැපයුමේ කිසිදු බාධාවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශක ධම්මික විමලරත්න පවසයි.
මේ අතර, පසුගිය මාස එකහමාරක් තිස්සේ නඩත්තු කටයුතු යටතේ පවතින කැලණිතිස්ස ඒකාබද්ධ බලාගාරය ඉදිරි දිනවලදී ජාලයට නැවත සම්බන්ධ කිරීමට අපේක්ෂා කෙරේ.
මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක් නැවත ලබා ගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart