
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ඉදිරි සති කිහිපය තුළ මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර ප්‍රකාශ කරයි.
2023 පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා අවලංගු කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
අදාළ යෝජනාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර පළාත් පාලන මැතිවරණය අඛණ්ඩව කල්දැමීම හේතුවෙන් නාමයෝජනා භාරදී ඇති රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් විවිධ ගැටළු මතුව ඇති අතර, ඒ හේතුවෙන් අදාළ නාමයෝජනා අවලංගු කරන ලෙස පුද්ගලයන් කිහිප දෙනකු ඉල්ලීම් කර තිබේ.
කෙසේ වෙතත්, ඒ සඳහා විශේෂ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කළ යුතු බව රාජ්‍ය ඇමැති වක්කුඹුර වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනීමට රජය බලාපොරොත්තු වන බවද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart